aa       c       a   

 

  d      b

 

අනුරාධපුර මහාවිහාර සතිපිරිත් පින්කම සදහා සහභාගී වන භික්ෂූන් වහන්සේ ‍වෙනුවෙන්

2019 ජුනි මස 14 වන දින  අප කාර්යාලයේ සියළු නිලධාරීන්ගේ දායකත්වයෙන්

සූදානම් කල දහවල් දානය පූජා කල අවස්ථාව.

   

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත  පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන

01 2    33   22  11

 

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම්  පනත සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්  2018.12.14 වන දින පෙරවරු 9.00 ට අප කාර්යාලයීය රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.

පනත ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් වන අවබෝධය පුළුල් කර ගැනීමට තෝතැන්නක් වූ මෙම වැඩසටහන සදහා නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, දිවිනැගුම සංවර්ධන නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් හා කාර්යාල නිලධාරීන් ද ප්‍රජාමූල සංවිධාන නියෝජිතයින් ඇතුළුව විශාල පිරිසක් සහභාගී විය.

මෙම පනතෙහි විධිවිධාන අනුව අප කාර්යාලයෙන් විමසන තොරතුරු  ලබාදීම සදහා කාර්යාලයීය තොරතුරු නිලධාරී ලෙස සහකාර ප්‍රාදේශීය ලේකම් තුමන්  ක්‍රියාකරන අතර  තොරතුරු ලබාගැනීම සදහා අවශ්‍ය අයදුම්පත අප කාර්යාලයෙන් ලබාගත හැකි අතර මෙතනින් භාගත කල හැකියි.

 

 

236 - සුචරිතගම ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ නිලසෙවන කාර්යාලය විවෘත කිරීම

a    a 2    a 3   a 7

    a 4    a 5  a 6     DSC01525 copy

 

නැ.නු.ප ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ 236 තුලාන සුචරිතගම ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ පුතිපාදන යටතේ රුපියල් මිලියන 1.9 ක වියදමකින් ඉදිකරන ලද නව නිලසෙවණ කාර්යාලය 2018.12.03 දින පෙරවරුවේ යහලේගම පුරාණ අග්‍රාරාම විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් සිදුකරනු ලැබූ ආගමික වතාවත් වලින් අනතුරුව   නැ.නු.ප ප්‍රාදේශිය ලේකම් තුමන් විසින්  විවෘත කරන ලදී. මෙම අවස්ථාව සදහා නැ.නු.ප ප්‍රාදේශිය ලේකම් කාර්යාල නිලධාරීන් සහ ප්‍රදේශයේ ප්‍රජා සංවිධාන නියෝජිතයින් ඇතුළුව ගම්වාසීන් සහභාගී විය.

මෙම කාර්යාලය මගීන් සුචරිතගම හා යහලේගම ගම්වාසී පවුල් 501 ක පුද්ගලයින් 2098 දෙනෙකුට තම සේවා අවශ්‍යතා සදහා  ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, දිවිනැගුම සංවර්ධන නිලධාරී සහ කෘෂිකර්ම පර්යේෂණ නිශ්පාදන සහකාර යන නිලධාරීන් එකම වහළක් යටදී හමුවී රාජකාරී ඉටුකර ගැනීමට  හැකියාව පවතියි.

 

පුවත් සහ සිදුවීම්

08
ජූනි2026
මල්වතු ඔය නේචර් ටේයිල්

මල්වතු ඔය නේචර් ටේයිල්

 "උතුරුමැද පළාත් සංචාරක අමාත්‍යංශය ,  දිස්ත්‍රික් ලේකම්...

24
අගෝ2025
ආර්. ආර්. සමරකෝන්ගේ "කැලණි පාලම" වේදිකා නාට්‍යය

ආර්. ආර්. සමරකෝන්ගේ "කැලණි පාලම" වේදිකා නාට්‍යය

ආර්. ආර්. සමරකෝන්ගේ "කැලණි පාලම" වේදිකා නාට්‍යයකලා...

Scroll To Top