
නැ.නු.ප ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ 236 තුලාන සුචරිතගම ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ පුතිපාදන යටතේ රුපියල් මිලියන 1.9 ක වියදමකින් ඉදිකරන ලද නව නිලසෙවණ කාර්යාලය 2018.12.03 දින පෙරවරුවේ යහලේගම පුරාණ අග්‍රාරාම විහාරාධිපති ස්වාමීන් වහන්සේ විසින් සිදුකරනු ලැබූ ආගමික වතාවත් වලින් අනතුරුව නැ.නු.ප ප්‍රාදේශිය ලේකම් තුමන් විසින් විවෘත කරන ලදී. මෙම අවස්ථාව සදහා නැ.නු.ප ප්‍රාදේශිය ලේකම් කාර්යාල නිලධාරීන් සහ ප්‍රදේශයේ ප්‍රජා සංවිධාන නියෝජිතයින් ඇතුළුව ගම්වාසීන් සහභාගී විය.
මෙම කාර්යාලය මගීන් සුචරිතගම හා යහලේගම ගම්වාසී පවුල් 501 ක පුද්ගලයින් 2098 දෙනෙකුට තම සේවා අවශ්‍යතා සදහා ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, දිවිනැගුම සංවර්ධන නිලධාරී සහ කෘෂිකර්ම පර්යේෂණ නිශ්පාදන සහකාර යන නිලධාරීන් එකම වහළක් යටදී හමුවී රාජකාරී ඉටුකර ගැනීමට හැකියාව පවතියි.















