හැදින්වීම
ප්රදේශය සහ මායිම්
වසම් හා ගම්
දේශගුණය
පස
කොට්ඨාසයේ ඓතිහාසික පසුබිම
අනුරාධපුර දිස්ත්රික්කයේ නැගෙනහිර අනුරාධපුර මැතිවරණ කොට්ඨාසය භාර අනුරාධපුර මහ නගර සභාව හා නැගෙනහිර නුවරගම් පළාත ප්රාදේශීය සභාව යන පළාත් පාලන ආයතනවලට අයත් මෙම ප්රදේශයේ ඇති ගම්මාන වැඩි ප්රමාණයක් දැනට දශක 10 කට පෙර වැව් මිනුම් කටයුතු සිදු කිරීමේදී දෙමළ භාෂා නම් වලින් නම් කර ඇතත් පාරම්පරික සිංහල ජනාවාස පැවති අතර වර්තමානයේද සිංහල ජනතාවගේ වාසභූමි වශයෙන් පවතී.
මීට අමතරව වානිජ හා වගා කටයුතු සඳහාත් රැකියාවන් සඳහාත් දුර බැහැර පළාත් වලින් පැමිණි සිංහල හා මුස්ලිම් වැසියන් විශාල ප්රමාණයක් ස්ථීර පදිංචිකරුවන් වශයෙන් නගරය ආසන්නයේ වාසය කරති. මෙහි නගරයෙන් තරමක් ඈතින් පිහිටා ඇති ගම්මානවල වැඩි පිරිසක් කෘෂි කර්මාන්තය තම මූලික ජිවනෝපාය මාර්ගය කර ගෙන සිටින අතර නගරය ආසන්නයේ පදිංචිව සිටින ජනතාව වානිජමය කටයුතුවල හා රැකී රක්ෂාවල නිරතව සිටීම වර්තමානයේ දක්නට ඇති ප්රධාන ලක්ෂණයකි.















