තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන
2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2018.12.14 වන දින පෙරවරු 9.00 ට අප කාර්යාලයීය රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.
පනත ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් වන අවබෝධය පුළුල් කර ගැනීමට තෝතැන්නක් වූ මෙම වැඩසටහන සදහා නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, දිවිනැගුම සංවර්ධන නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන් හා කාර්යාල නිලධාරීන් ද ප්‍රජාමූල සංවිධාන නියෝජිතයින් ඇතුළුව විශාල පිරිසක් සහභාගී විය.
මෙම පනතෙහි විධිවිධාන අනුව අප කාර්යාලයෙන් විමසන තොරතුරු ලබාදීම සදහා කාර්යාලයීය තොරතුරු නිලධාරී ලෙස සහකාර ප්‍රාදේශීය ලේකම් තුමන් ක්‍රියාකරන අතර තොරතුරු ලබාගැනීම සදහා අවශ්‍ය අයදුම්පත අප කාර්යාලයෙන් ලබාගත හැකි අතර මෙතනින් භාගත කල හැකියි.














